brand logo
logo
ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට  විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

24 July 2026


ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, (23) සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර තිබේ.


එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, එම සංශෝධන අදාළ කාලසීමාව තුළ මාර්ගගතව සිදු කළ හැකිය.


ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අදාළ සංශෝධන සිදු කළ හැකිය.


මෙවර 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය.

 

More News..