අරාබි මුහුදේ නෞකා 35ක් වෙනත් මාර්ගවලට යොමු කළ බව CENTCOM කියයි
02 August 2026
අරාබි මුහුදේ නෞකා 35ක් වෙනත් මාර්ගවලට යොමු කළ බව CENTCOM කියයි
02 August 2026
අරාබි මුහුදේ ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුම් අතරතුර වාණිජ නෞකා 35ක ගමන් මාර්ග වෙනස් කර ඇති බවත්, නෞකා දෙකක් අක්‍රීය කර තවත් නෞකා දෙකක් තම පාලනය යටතට ගනිමින් පරීක්ෂා කළ බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන මණ්ඩලය පවසයි.
X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් CENTCOM කියා සිටියේ, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය ක්‍රියාත්මක කරන අවහිරතාවට සහයෝගය දක්වමින් 'යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln - CVN 72) ගුවන් යානා ප්‍රවාහන නෞකාව අරාබි මුහුද හරහා ගමන් කරන අවස්ථාවේ මෙම මෙහෙයුම් සිදු කර ඇති බවයි.
එමෙන්ම, නෞකාවේ මෙහෙයුම් කටයුතු අතරතුර 'යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්' නෞකාවෙන් පිටත් වූ US Marine Corps F-35C ප්‍රහාරක ස්ටෙල්ත් ජෙට් යානයක් ද මෙහෙයුම් සඳහා එක් වූ බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

