brand logo
logo
ශෂීගේ අභියාචනය සලකා බැලීම නොවැම්බර් 18 වනදා

ශෂීගේ අභියාචනය සලකා බැලීම නොවැම්බර් 18 වනදා

26 October 2026


අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වී වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනය සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.


මෙම නඩුකරය අද (26) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

 

More News..