අවුරුදු බඩු මලු සඳහා වෙන් කළ මුදල වැඩි කරයි
19 March 2025
අවුරුදු බඩු මලු සඳහා වෙන් කළ මුදල වැඩි කරයි
19 March 2025
අවුරුදු සමය වෙනුවෙන් බඩු මලු ලබාදීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 1000ක මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"අපි 5000ක බඩු මල්ලක් 2500 ට දෙනවා. අස්වැසුම නැති නමුත් අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න ලක්ෂ 8ක් පමණ වන අයැදුම්කරුවන්ට මේ සහනය දෙනවා. ඒ සඳහා ලංකා සතොස ආයතනය සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා කටයුතු කරනවා.
නාඩු සහල්, ලොකු ලූනු, අල, පරිප්පු,සැමන්,රතු සීනි, පාං පිටි, සමපෝෂ ,සෝයා ඇතුළත්ව කිලෝ ග්‍රෑම් 15-17 අතර බඩු මල්ලක් අප ලබා දෙනවා" යැයි අමාත්‍යවරයා කීය.