ඉරාන නෞකා රැසක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයි
02 October 2026
ඉරාන නෞකා රැසක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයි
02 October 2026
ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට අතරමං වී ඇති බව වාර්තා වේ.
දැඩි අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා හේතුවෙන් මෙම නෞකා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඇතැම් යාත්‍රාවල ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයක්ද මතු වී ඇති බව සඳහන් වේ.
චීනයට බොරතෙල් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි, ඉරානයට සම්බන්ධ තෙල් රහිත නෞකා 20ක් පමණ ශ්‍රී ලංකා වෙරළ ආසන්නයේ නැංගුරම්ලා තිබේ.
ඉරානයේ තෙල් වෙළෙඳාමට සහය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත.
යාත්‍රා තුළ සිටින නාවිකයන් ආහාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාගැනීමට උත්සාහ කළද, අමෙරිකානු සම්බාධකවලට හසුවීමේ බිය නිසා ඇතැම් ශ්‍රී ලංකා සැපයුම්කරුවන් සේවා සැපයීමට මැළිවීමෙන් ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණපා සිටියි.
මෙම නෞකා ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාවෙන් පිටත, එනම් එහි සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) අසල නැංඟුරම් ලා තිබීම නිසා, ශ්‍රී ලංකා බලධාරීන්ට ඒවා කෙරෙහි පවතින නීතිමය බලතල සීමිත වී ඇත.
කෙසේ වෙතත්, බලධාරීන් නෞකාවල ගමනාගමනය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටී.
මෙම තත්ත්වය ජාත්‍යන්තර සම්බාධක හමුවේ කලාපීය සාගර ප්‍රවාහනය සහ සැපයුම් ජාලය මුහුණ දී ඇති පුළුල් අර්බුදය මනාව පෙන්නුම් කරන අතර, අතරමං වූ නැව්වල සිටින කාර්ය මණ්ඩලයේ මානුෂීය අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමුව තිබේ.

