පෙර පාසල්වලටත් ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්
08 October 2026
පෙර පාසල්වලටත් ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්
08 October 2026
2027 වසර මුල් ළමාවිය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වසරක් බවට පත්වනු ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය පවසයි.
2027 වසරට අදාළ නව ඉලක්ක සමාලෝචනය කිරීම සඳහා අද (08) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතනවල 2026 වසරේ මේ දක්වා ප්‍රගතිය සහ 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඒ අනුව 2027 වසරේ මුල් භාගය තුළ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍යවරිය සඳහන් කළාය.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව එම කටයුතු සිදුකරයි.
ඊට සමගාමීව පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර, Clean Sri Lanka සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙම වසරේ ආරම්භ කළ පෙර පාසල් දරුවන්ගේ චර්යාත්මක සංවර්ධනය සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ 'Step-Up' ව්‍යාපෘතියේ මීළඟ අදියරද ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2025 වසරේදී මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව හඳුන්වාදීමත් සමඟ ආරම්භ කළ මුල් ළමාවිය ක්ෂේත්‍රය විධිමත් අධ්‍යාපන අවධියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ලබන වසරේදී කූටප්‍රාප්තියට ළඟාවනු ඇති බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය

