brand logo
logo
මාස 8ට කුරුඳුවලින් ඩොලර් මිලියන 185ක ආදායමක්

මාස 8ට කුරුඳුවලින් ඩොලර් මිලියන 185ක ආදායමක්

02 November 2026


වසරේ පළමු මාස 8 තුළ කුරුඳු කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 185ක් එනම් රුපියල් කෝටි 6,000ක ආදායමක් උපයා ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.


මෙම වසර අවසන් වන විට කුරුඳු කර්මාන්තයෙන් රුපියල් කෝටි 10,000ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.


ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 365ක එනම් රුපියල් කෝටි 36.5ක මුදලක් ද මේ වන විට වෙන්කර තිබේ.


සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල අලුතින් කුරුඳු වගාව අක්කර 2,500ක ස්ථාපිත කිරීම, කුරුඳු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම, කුරුඳු කර්මාන්තය සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික ලබාදීම සහ එම කර්මාන්තයේ ව්‍යවසායකත්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත

 

More News..