Best News Website award
brand logo
logo
  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව මහින්ද ජයසිංහ කියයි

23 November 2026


අයවැය හරහා අතුරු දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අද (23) දිවයින පුරා ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.


මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු අවධාරණය කළේ, වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ඕනෑම සමිතියකට අයිතියක් ඇති බවය.


කෙසේවෙතත් මෙම විරෝධතා සිදු කරනු ලබන්නේ කුමන ආණ්ඩුවට එරෙහිව ද යන්න සම්බන්ධයෙන් අවබෝධයෙන් පසුවිය යුතුය.


රාජ්‍ය සේවය ඉතිහාසයේ වැඩිම මූලික වැටුප් ඉහළ දැමීම මේ වසර තුන සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  


එවැනි තත්ත්වයක් තුළ විරෝධතා සංවිධාන කිරීම, කළු ඇඳුම ඇඳීම වැනි කටයුතු සිදු කිරීම ඉතා අසාධාරණ බව ඔහු ප්‍රකාශ කළේය.


වංචාවෙන් සහ දූෂණයෙන් අඳුර යුගයක පසු වූ රට මේ වනවිට ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නම ඉහළ තැනකට ඔසවා තැබීමට කටයුතු කර ඇති බව මහින්ද ජයසිංහ මහතා කීය.


මෙවැනි ආණ්ඩුවකට එරෙහිව විරෝධතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. පාලකයින්ගේ වරදාන වරප්‍රසාද කප්පාදු කරගනිමින් ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබේ.


වෘත්තිය සමිති නායකයින් පරාජිත දේශපාලන පක්ෂවල වුවමනාවන් ඉටු කරමින් සිටින බවට ඉතාමත් පැහැදිලි බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කීය.


"ඔබ කළු ඇන්දේ, පාසලේ දරුවාගේ විතරක් නෙවෙයි, ඔබේ දරුවාගෙත් අනාගතය කළු කරන්න උඩ ගෙඩි දීමක් විදිහටයි මම දකින්නේ. වෙන කිසිම දෙයක් නැහැ. මේ අයවැය සමාජ ආර්ථික පසුබිමක් නිර්මාණය කරන්න ඉදිරිපත් කරන ලද අයවැයක්. ඒ අයවැයට එරෙහිව ඒ වගේම මේ ණ්ඩුවට එරෙහිව ඔබ කළු අඳිනවා කියන්නේ, මේක ඔබේ වෘත්තිය අයිතිය දිනාගැනීමට කරන කටයුත්තක් නෙවෙයි. ඔබෙත්, ඔබේ දරුවාගෙත් අනාගතය කළු කරන්න මේ රටේ දූෂිත පාලකයින්ට උඩ ගෙඩි දීමක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඔබේ හෘදසාක්ෂියට තට්ටු කරලා බලන්න. ඔබ කොතරම් සදාචාරාත්මක ද මේ ආණ්ඩුවට එරෙහිව මේ ක්‍රියාමාර්ග ගන්න එක. ඒක ගුණමකුකමක් නෙවෙයි ද? ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීමක් ලබාදුන්න ආණ්ඩුවට එරෙහිව පාරට බහින එක නැත්නම් කළු අඳින එක, කළු පටි බඳින එක කොතරම් සදාචාරාත්මක ද? මේ අයවැය තුළින් ලබාදුන්න දේවල් කිසිදු වෙනසකට භාජනයට වෙන්නේ නෑ. වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ඔබ සතුව තියාගන්න. ආණ්ඩුවක් විදිහට අපි කිසිසේත්ම මෙවැනි උද්ඝෝෂනවලට හිස නවන්න සූදානම් නැහැ කියන පණිවුඩය අපි ඉතාමත් වගකීමෙන් යුතුව කියනවා."


 

 

More News..