brand logo
logo
දීපාවලී වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝවෙන් එක දිනකදී වාර්තාගත ආදායමක්

දීපාවලී වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝවෙන් එක දිනකදී වාර්තාගත ආදායමක්

08 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


දීපාවලී උත්සවය නිමිත්තෙන් ඊයේ (07) හැටන් ලංගම ඩිපෝවට එක් දිනකදී මෙතෙක් ලැබූ උපරිම ආදායම ලබා ගැනිමට හැකි වූ බව එම ඩිපෝවේ කළමණකාර පාලිත වීරසූරිය පැවසීය.


ඊයේ දින තම ඩිපෝව මගින් දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ 82ක් ධාවනයට එක් කල බවත්, ඒ අනුවඊයේ දින උදෑසන සිට අද දින උදෑසන 6:00 වන විට තම ඩිපෝවට රු.4765,000.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද පාලිත වීරසූරිය පැවසීය.


 

More News..