Best News Website award
brand logo
logo
උසස් අධ්‍යාපනය වෙනුවෙන්  ඉදිරිපත් කළ අයවැය යොජනා

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යොජනා

12 November 2026


2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යොජනා



රු. මිලියන 8,000 ක ආයෝජනයක් සහිතව පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්‍යාලවල අංග සම්පූර්ණ වෛද්‍ය පීඨය හා සායනික ගොඩනැඟිලි ඉදිකිරීමට 2027 වසර සඳහා රු. මිලියන 450ක්.


බහු කාර්ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළුව, අධ්‍යයන හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාලවලට රු. මිලියන 2,250ක්.

විශ්වවිද්‍යාලයන්හි අපජල පිරිපහදු පද්ධති සංවර්ධනය කිරීම ඇතුළු සංවර්ධන වැඩ සටහන් වෙනුවෙන් රු. මිලියන 717ක් ඇතුළුව දැනට කෙරීගෙන යන ශිෂ්‍ය සුබසාධක වැඩ සඳහා රු. මිලියන 6,250ක්.


වව්නියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීම වෙනුවෙන් රු. මිලියන 2,050ක නිල නිවාස ව්‍යාපෘතිය 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට යෝජනා.


“දිට්වා” සුළි කුණාටුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු. මිලියන 6,150ක් ඇස්තමේන්තුවක්. 2027 වසරේ දී මෙය ඇතුළු දිට්වාවලින් හානි වූ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු. මිලියන 700ක්.




 

More News..