brand logo
logo
සෝමාවතිය - සුංගාවිල මාර්ගය යටවෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය යටවෙයි

21 February 2026

සෝමාවතිය - සුංගාවිල මාර්ගය අද (21) පෙරවරුවේ අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබේ.


අද පෙ.ව. 9.15ට වන තත්ත්වය සැලකිල්ලට ගෙන නිකුත්කළ අදාළ නිවේදනයට අනුව සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා වූ මාර්ගය අඩියකින් පමණ ජලයෙන් යටවී ඇත.


ඒ හේතුවෙන් සැහැල්ලු වාහන සඳහා මාර්ගය තාවකාලිකව වසා ඇති බව පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ විසින් දැනුම් දී තිබේ.

 

More News..