ගාලුමුවදොර ආසන්නයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
16 October 2026
ගාලුමුවදොර ආසන්නයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
16 October 2026
ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට සත්යග්රහයේ නිතර පිරිස් කටයුතු කර තිබේ.
එ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ලබා දී තිබු නියෝගය හේතුවෙනි.
අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් අතර එම අධිකරණ නියෝගය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලාට කියවා භාර දීමටද පොලිසිය පියවර ගැනුණි.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊයේ දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිහය.

