විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ගැන රජය තවදුරටත් අධ්‍යනය කරයි
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ගැන රජය තවදුරටත් අධ්‍යනය කරයි
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාර දුන් බවයි.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

