brand logo
logo
ෆේස්බුකියෙන් ලිංගික වැඩ ප්‍රවර්ධනය කළ 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

ෆේස්බුකියෙන් ලිංගික වැඩ ප්‍රවර්ධනය කළ 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

09 September 2026

සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරමින් වට්ස්ඇප් සහ ෆේස්බුක් සමූහයන් පවත්වාගෙන ගිය 18 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


තවත් මෙවැනි සමාජ මාධ්‍ය ජාල සමූහ රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති අතර ඉදිරියේදී ඒවාට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය ජාල සමූහ රැසක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයට ලද තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනවලදී එම සමූහයන්වලට සම්බන්ධ වී ඇති පිරිස් තම පවුල්වල සාමාජිකයන් ගැන පවා විකෘති අදහස් පළකර තිබූ බවට අනාවරණය වී ඇත.


එවැනි සමාජ මාධ්‍ය සමූහයක් පවත්වාගෙන ගෙන ගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වේයන්ගොඩ ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මතය.

 

More News..