කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ
17 May 2025
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ
17 May 2025
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.
ඒ අනුව එළැඹෙන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත.
එමෙන්ම එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.
චාණිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා තිබේ.
මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ.