වියළි කාලගුණයෙන් 115000ක් පීඩාවට
07 September 2026 | සාලිය කුමාර ගුණසේකර
වියළි කාලගුණයෙන් 115000ක් පීඩාවට
07 September 2026 | සාලිය කුමාර ගුණසේකර
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක පදිංචි පවුල් 35,149 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.
අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිරිසක් මෙලෙස වියළි කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වියළි කාලගුණයෙන් සඳහන් කරයි.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 41,360 ක් වියළි කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිති.
පීඩාවට පත්ව සිටින පුද්ගලයන් 113,354 දෙනකුට පානීය ජලය සපයන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

