brand logo
logo
  දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

07 October 2026


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.


මෙම අනතුරු ඇඟවීම අද (07) රාත්‍රී 7:00 සිට හෙට ( 08) රාත්‍රී 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම් දෙකක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.


මට්ටම 2 - අවධානයෙන් සිටින්න (ඇම්බර්)


බදුල්ල දිස්ත්‍රික්කය: පස්සර ප්‍රදේශය


කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැගම සහ රුවන්වැල්ල ප්‍රදේශ


මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)


කළුතර දිස්ත්‍රික්කය: වලල්ලාවිට


මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර


කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට සහ කෑගල්ල


රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඇහැලියගොඩ, අයගම, වැලිගෙපොළ සහ කුරුවිට


අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි නායයෑම් තත්ත්වයන් හෝ පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙසයි.

 

More News..