2026 වසරේ මෙරට විවාහක රූ රැජින කිරුළ නිෂාදි ඒකනායකට
19 October 2026
2026 වසරේ මෙරට විවාහක රූ රැජින කිරුළ නිෂාදි ඒකනායකට
19 October 2026
2026 වසරේ මෙරට විවාහක රූ රැජින Mrs. Sri Lanka World 2026 කිරුළ දිනා ගැනීමට නිෂාදි ඒකනායක සමත්ව තිබේ.
මෙවර ජාතික රූ රැජින තරගාවලියේ අවසාන මහා තරගයේදී දැඩි තරගකාරීත්වයක් මධ්යයේ අනෙකුත් දක්ෂතා දැක්වූ විවාහක යුවතියන් අභිබවමින් ඇය 12 වන අංකය යටතේ තරග වැදී මෙම කිරුළ තමන් සතු කර ගත්තාය.
මහනුවර මහාමායා බාලිකා විදුහලේ ආදි ශිෂ්යාවක් වන ඇය, පාසල් අවදියේදී අධ්යාපනයෙන් මෙන්ම ක්රීඩාවෙන්ද ඉහළ දක්ෂතා දැක්වූ තැනැත්තියකි.
ඇය හෙදියක් ලෙසත්, ව්යවසායිකාවක් ලෙසත් කටයුතු කරයි.
ඇය විද්යාපති උපාධි අපේක්ෂිකාවක් (MSc Scholar) ලෙසද සිය අධ්යාපන කටයුතුවල නිරත වෙමින් සිටියි.
ඉදිරියේදී ජාත්යන්තර වේදිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ඇය නියමිතය.
මෙම තරගාවලියේ ජාතික අධ්යක්ෂවරයා ලෙස චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කරයි.

