brand logo
logo
රණතුංග කරුණානන්ද මහතා අගය කරමින් සමරු තැපැල් මුද්දරයක්

රණතුංග කරුණානන්ද මහතා අගය කරමින් සමරු තැපැල් මුද්දරයක්

21 October 2026

නොපසුබස්නා උත්සාහය තුළින් ලෝක අවධානය දිනාගත් ප්‍රකට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ සේවය හා ආදර්ශමත් චරිතය අගය කරමින්, නව සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමය සංරක්ෂණය කිරීම සහ එතුමාගේ ජීවිත කතාව අනාගත පරපුර වෙත ගෙන යාම මෙහි අරමුණ විය.


මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමරු මුද්දරය නිකුත් කිරීම යනු හුදෙක් පුද්ගලයකු අනුස්මරණය කිරීමක් පමණක් නොව, කරුණානන්ද මහතා ලොවට තිළිණ කළ නොපසුබස්නා උත්සාහයේ සහ විනයගරුක මානසික ශක්තියේ දර්ශනය සදාතනිකව රැකගැනීමක් බවයි.

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ධාවන ඉසව්වේදී අනෙකුත් තරගකරුවන් තරගය නිම කර තිබියදී පවා, තමන් ආරම්භ කළ ගමන අත්නොහැර අවසානය දක්වාම දිව ගිය කරුණානන්ද මහතා "දිරිමත් පරාජිතයා" (Courageous Loser) ලෙස ලෝකය පුරා අතිශය ගෞරවාදරයට පාත්‍ර විය. 


 

More News..