brand logo
logo
ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

15 October 2026

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාගැනීම වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් උදෙසා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ 'නිදහසේ පාද යාත්‍රාව' අද (15) කොළඹට පැමිණියේය.


පාගමනේ 6 වැනි දිනය වූ අද කඩවතිත් පාගමන ආරම්භ කළ අතර, එය කිරිබත්ගොඩ, පෑලියගොඩ නගර පසුකරමින් මාලිගාවත්ත, මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරනු ලබයි.


ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ පිහිටි වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අබියසින් ඉකුත් 10වැනිදා මෙම පාගමන ආරම්භ කරනු ලැබීය.

 

More News..