brand logo
logo
මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති 39කට කැබිනට් අනුමැතිය

මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති 39කට කැබිනට් අනුමැතිය

15 September 2026

මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


ජනතාවගේ ඉහළ යන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රෝහල් ඇතුළු රජයේ බොහෝ සෞඛ්‍ය සේවා ආයතනවල පවතින බවට හඳුනාගෙන ඇති යටිතල පහසුකම් හිඟයන් මඟහරවා ගැනීම සහ අතිනවීන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.


ඒ අනුව, 2025 හා 2026 වර්ෂයන්හිදී ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා අතරින් ව්‍යාපෘති යෝජනා 41ක් ඇගයීමෙන් අනතුරුව, 2027 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.


එම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති සූදානම සැලකිල්ලට ගෙන, 2027 අයවැය තුළින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇත.


2027-2031 කාල පරිච්ඡේදයට අදාළ රාජ්‍ය ආයෝජන වැඩසටහනට එම ව්‍යාපෘති යෝජනා මේ වන විට ඇතුළත් කර තිබේ. 

 

More News..