brand logo
logo
පාකිස්තානයේ පාසලක වහලක් කඩා වැටී 28දෙනෙකු මරුට

පාකිස්තානයේ පාසලක වහලක් කඩා වැටී 28දෙනෙකු මරුට

15 October 2026


පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් සංඛ්‍යාව 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඒ අතර සිසුන් 17 දෙනෙකු සහ ගුරුවරයෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.


මෙම සිසුන් වයස අවුරුදු 13ට අඩු අය වන බවත්, මෙම අනතුරින් සිසුන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්ය.


තුවාල ලැබූවන්ගෙන් ඇතැම් පිරිසකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


සිරවී සිටින අයට ළඟාවීම සඳහා සුන්බුන් ඉවත් කරමින් සිටින බව සහන සේවකයෝ පවසති.


ඉදිකිරීම් ප්‍රමිතීන් බොහෝ විට දුර්වල ලෙස ක්‍රියාත්මක වන පකිස්ථානයේ ගොඩනැගිලි කඩා වැටීම් බහුලව දක්නට ලැබේ.

 

More News..