කොළඹ විදේශීය තානාපති ප්‍රධානීන්ට විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක්
19 September 2026
කොළඹ විදේශීය තානාපති ප්‍රධානීන්ට විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක්
19 September 2026
කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරයක් ආරම්භ කර තිබේ.
අද (19) ආරම්භ වී ඇති මෙම සංචාරය කොළඹින් ආරම්භ වී පාසිකුඩා වෙත පැමිණ ඇති අතර එහිදී පාසිකුඩා වෙරළ තීරයේ සැරිසරන මෙම පිරිස අද පස්වරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනයක් නැරඹීමටද නියමිතව ඇත.
නැගෙනහිර කලාපයේ පවතින සුවිශේෂී සංස්කෘතික, සාමාජික හා ආර්ථික වටිනාකම් මෙන්ම එම පළාත තුළ පවතින උරුමය සහ සංචාරක ප්‍රවර්ධන හැකියාවන් ජාත්‍යන්තරයට විදහා දැක්වීමද මෙහි අරමුණ වී තිබේ.
මෙම තෙදින සංචාරය අතරතුරදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නැගෙනහිර පළාත් දේශපාලන නායකයින්, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී ඉදිරි ආයෝජන සහ කලාපීය සංවර්ධන අවස්ථා පිළිබඳව විශේෂ සාකච්ඡාවල නිරත වීමටද නියමිතව ඇත.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ නැගෙනහිර පළාතේ පවතින ආයෝජන සහ සංචාරක විභවතාවයන් ලොවට අනාවරණය කිරීමටත්, ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දිගුකාලීන තිරසාර සංචාරක වර්ධනයක් රටට අත්කර දීමටත් මෙම පියවර මහත් පිටිවහලක් වන බවය.
දෙවන දිනය වන හෙට (20) දිනයේදී එරාවුර් අපනයන සැකසුම් කලාපයේ, සේරුවිල බෞද්ධ විහාරයේ සහ ත්‍රිකුණාමලය කෝණේෂ්වරම් හින්දු දේවස්ථානයේ සංචාරය කිරීමට නියමිත අතර තෙවන දිනයේදී නැවතත් කොළඹ බලා පිටත්වීමටද නියමිතය.

