brand logo
logo
නිට්ටඹුවේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි

නිට්ටඹුවේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි

02 October 2023

නිට්ටඹුව මල්වත්ත නගරයේ අද (02) උදෑසන වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදිය පදවා ගෙන පැමිණි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.


මෙලෙස මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ නුගේලන්ද පදිංචි සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි.


මිය ගොස් ඇති තැනැත්තා වේයන්ගොඩ මල්වත්ත මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට මල්වත්ත දෙසට යතුරු පැදියක් පදවා ගෙන පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දැමීමත් සමග කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටීඅනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

 

More News..