brand logo
logo
 මහනුවර, කෑගල්ල සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන තවදුරටත්

මහනුවර, කෑගල්ල සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන තවදුරටත්

04 August 2026


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.


ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා හෙට (05) උදෑසන 9 දක්වා මෙම රතු නිවේදන බලපැවැත්වේ. 


රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ පහතින්,


මහනුවර දිස්ත්‍රික්කය


ගඟ ඉහළ කෝරළය

උඩුදුම්බර 

පස්බාගේ කෝරළය 


කෑගල්ල දිස්ත්‍රික්කය 


යටියන්තොට 


නුවරඑළිය දිස්ත්‍රික්කය 

අඹගමුව

නෝර්වුඩ් 


මේ අතර අදියර 2 සහ අදියර 1 යටතේද දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


අනතුරු ඇඟවීමේ මට්ටම 2 


මහනුවර දිස්ත්‍රික්කය

පන්විල, මැදදුම්බර, උඩපළාත, දොළුව සහ දෙල්තොට


කෑගල්ල දිස්ත්‍රික්කය

අරණායක, දැරණියගල, දෙහිඕවිට සහ බුලත්කොහුපිටිය


නුවරඑළිය දිස්ත්‍රික්කය

තලවකැලේ, නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර


රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ


අනතුරු ඇඟවීමේ මට්ටම 1 


කෑගල්ල දිස්ත්‍රික්කය


කෑගල්ල


නුවරඑළිය දිස්ත්‍රික්කය

හඟුරන්කෙත


රත්නපුර දිස්ත්‍රික්කය


නිවිතිගල සහ කුරුවිට


 

More News..