ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්
04 May 2025 | නුවන් ආරියවංශ ඇල්ල
ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්
04 May 2025 | නුවන් ආරියවංශ ඇල්ල
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ පුරාවිද්‍යා ස්මාරකයක්
වන ඇල්ල ආරුක්කු නවය පාලමේ ජලකාන්දුවක් සිදුවෙමින් පවතී.
අධික වැසි දිනයන්හි ආරුක්කුව දිගේ ඇතුලට ජලය කාන්දුවන බව
පාලමේ ස්වේඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්.එම්.
සුමනසේන පැවසීය.
මේ පිළිබදව වාර්තාවීමෙන් පරීක්ෂාවන් ආරම්භ කර පිළියම් යෙදීමට
කටයුතු කරමින් සිටින බව දුම්රිය තමේන්තුවේ පාලම් බාරව කටයුතු
කරන ප්‍රාදේශීය නිලධාරියෙකු පැවසීය
නයින්ආච් හෙවත් ආරුක්කු නමය පාස 1921 වසරේ වැඩ අවසන් කර
ඇති බව දුම්රිය වාර්තාවන්හි සඳහන්වෙයි.
ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානයන් අතර ගොටුවල ප්‍රදේශයේ
ඉඳිකරන ලද මෙම පාලමේ දිග අඩි 300 කි. පළල අඩි 25 කි. උස අඩි
80 කි.
පාලමේ වේයන් සැරිසරන අතර වේගයන්ගේ පමන්මග බැලූබැල්මට
පැල්මක් මෙන් පෙනෙන නමුත් එය පැලැමක් නොවන බව තහවුරු වී
තිබේ.
කෙසේ නමුත් පාලමේ ඇතැම් ආරුක්කුවල පාදම කොටසේ ස්ථාන
කිපයක බදාම ගැවී ඇති අයුරුද දක්නට ලැබේ.
මෙම පාලම ආශ්‍රීතව ලොවපුරා ජනප්‍රිය වූ විදේශීය ච්ත්‍රපට කීපයක්ම
නිර්මාණය වී තිබේ.