ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
29 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
29 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28) ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
එම ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.


