වියට්නාමයේ බෝට්ටුවක් පෙරළී 15දෙනෙකු මරුට
11 July 2026
වියට්නාමයේ බෝට්ටුවක් පෙරළී 15දෙනෙකු මරුට
11 July 2026
වියට්නාමයේ දකුණු දිග Phu Quoc දූපත් ප්‍රදේශය ආශ්‍රිත මුහුදු තීරයේ දී විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 15දෙනෙකු මියගොස් තිබේ.
මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් බෝට්ටුව පෙරළී ගොස් ඇති අතර අනතුරට ලක්වූවවන් අතරින් 21දෙනෙකු මුදාගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය ජාතික සංචාරකයින් 32දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු රැගත් එම බෝට්ටුව වෙරළ තීරයට මීටර් 400ක පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අදාළ මුහුදු ප්‍රදේශය සංචාරකයින් අතර වඩාත් ප්‍රචලිත ප්‍රදේශයක් ලෙසයි සැලකෙයි.

