රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්
23 May 2026
රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්
23 May 2026
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට පොලිසියෙන් කැඳවීමක් ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, ඒ සඳහා තමන් එළැඹෙන සඳුදා තලංගම පොලිසිය වෙත යන බවය.
නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කළද, එය වචනයට පමණක් සීමා වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

