brand logo
logo
නිධානයෙන් ගත් මැණික් විකුණන්න ගිහින් මාට්ටු

නිධානයෙන් ගත් මැණික් විකුණන්න ගිහින් මාට්ටු

26 May 2024



නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


නිධානයකින් ගත් බව කියන මැණික් ගල් තොගයක් රුපියල් කෝටි 13 හමාරකට අලෙවි කිරීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු මගින් මෙම පුද්ගලයින් කටුගස්තොට පැරැණි පාලම අසලට ගෙන්වා ගැනීමට පොලීසිය සමත්ව ඇත.


මෙලෙස ගෙන්වා ගත් පිරිස අතර කාන්තාවක් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු සිට ඇති අතර මෙම පුග්ලයින් ළඟ තිබී නිධානයෙන් ගත් බව කියන මැණික් ගල් 14 ක් ඩිජිටල් තරාදියක් කුඩා විදුලි පන්දමක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.


මෙම පුද්ගලයින් හිනිදුම , ගාල්ල, හෙයියින්තුඩුව, වැනි ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 49 ත් අතර වූවන් බව පොලීසිය කියයි.

 

More News..