ගජමුතු බවට සැක ඇත් දළ කොටස් 5ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
22 November 2026
ගජමුතු බවට සැක ඇත් දළ කොටස් 5ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
22 November 2026
ගජමුතු බවට සැකකළ හැකි ඇත් දළ කොටස් 5ක් තමන් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) රාත්‍රියේ මාතලේ පොලිස් වසමේ ළමා උද්‍යානය පිටුපස මාර්ගයේදී ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43 හා 47 පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මාතලේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


