සෞදියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන් බැලීමට තානාපති යයි
10 October 2026
සෞදියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන් බැලීමට තානාපති යයි
10 October 2026
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින බව පැවසෙන අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා ඔහු සිරගත කර සිටින දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
රියාද් අගනුවර සිට කිලෝමීටර 450ක් පමණ දුරින් පිහිටි මෙම බන්ධනාගාරයට ගිය තානාපතිවරයා, අනෝජන් සිවරාසා මුණගැසී ඔහුගේ වත්මන් තත්ත්වය සහ සුබසාධනය පිළිබඳව සොයා බලා ඇත.
එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම සංචාරය අතරතුර තානාපතිවරයා අනෝජන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවය.
එහිදී ඔහුගේ අවශ්‍යතා සහ දැනට මුහුණ දී සිටින ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අනෝජන් වෙත අවශ්‍ය සියලුම කොන්සියුලර් සහ නෛතික සහායන් ලබාදීමට තානාපති කාර්යාලය බැඳී සිටින බවටද තානාපතිවරයා මෙහිදී නැවත වරක් සහතික වී ඇත.
එමෙන්ම ඉදිරියේදී සෘජු සන්නිවේදනය පහසු කිරීම සඳහා තානාපතිවරයා පෞද්ගලිකව සම්බන්ධ කරගැනීමේ තොරතුරු ද අනෝජන් වෙත ලබා දී තිබේ.
මෙම හමුවෙන් අනතුරුව අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුබසාධනය පිළිබඳව නිසි අවධානයකින් පසුවන බවත් තානාපති කාර්යාල තහවුරු කර ඇත.
ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම සංචාරය අතරතුර දම්මාම් මධ්‍යම බන්ධනාගාර අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා සමග ද අදහස් හුවමාරුකරගෙන තිබේ.

