brand logo
logo
ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ තද වැසි

13 September 2026


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


උතුරු - මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100ක පමණ තද වැසි ඇති විය හැකියි.


එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

 

More News..