රිය අනතුරින් අයෙක් මරුට - දරුවන් 4ක් ඇතුළු 6ක් තුවාල ලබයි
03 June 2025
රිය අනතුරින් අයෙක් මරුට - දරුවන් 4ක් ඇතුළු 6ක් තුවාල ලබයි
03 June 2025
දෙහිඅත්තකණ්ඩිය - මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හොබරියාව ප්‍රදේශයේදී අද පෙරවරුවේ මාර්ග මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පෙර පාසල් දරුවන් සිව්දෙනෙකු ඇතුළු 6දෙනෙකු ද තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බවයි.
මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
පෙරපාසල් දරුවන් හතර දෙනකු ආබාධිත පුද්ගලයෙකු සහ කාන්තාවක් ද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇතැයි ද පොලිසිය පැවසීය.
රියැදුරට නින්දයාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.