roadBlockAd
brand logo
logo
කලාශූරී රැජිණි සෙල්වනායගම් බදාදා දැයෙන් සමුගනී

කලාශූරී රැජිණි සෙල්වනායගම් බදාදා දැයෙන් සමුගනී

22 October 2023



කලාශූරී විශ්ව කලා කීර්ති රැජිණි සෙල්වනායගම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බදාදා දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක මහජන ගෞරවය උදෙසා අද (22) සහ හෙට (23) තැන්පත් කර තැබෙන අතර , හෙට (23) රාත්‍රියේ කොලොන්නාවේ පිහිටි චාමර කලා නිකේතනය වෙතට රැගෙන යාමට නියමිතයි.


දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් රැජිණි සෙල්වනායගම් කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.


රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි ඇය මිය යන විට 71 වියේ පසු වූවාය.


නර්තන ආචාර්‍යවරියක ලෙස මුල්ම පත්වීම ලබා හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලට පැමිණි ඇය සරස්වති නාට්‍යයේ ප්‍රධාන චරිතය ද නිරූපණය කළා.


එමෙන්ම එකළ ප්‍රසිද්ධියට පත් නන්දන වින්දන වැඩසටහනට ඇතුළත් වූ ඇයගේ නර්තනයන් අදටත් ජන මනසේ රැඳී තිබේ.


 බදාදා පස්වරු වේ ආගමික වතාවත්වලින් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

 

More News..