ලංගම යුවළ ඝාතනයේ වෙඩික්කරු රැගෙන ගිය බස් රථයට දින 14ක තහනමක්
24 October 2026
ලංගම යුවළ ඝාතනයේ වෙඩික්කරු රැගෙන ගිය බස් රථයට දින 14ක තහනමක්
24 October 2026
තලංගම පොලිස් වසමේ රථගාලක් තුළදී 2026.02.13 දින නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අපරාධයේ වෙඩික්කරු ප්රවාහනය කළ බවට සැකකරන බස් රථයක් විමර්ශන නිලධාරින්ගේ භාරයට ගෙන තිබුණි.
ඒ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරන විමර්ශනවලදීය.
ඒ අනුව, මෙම බස් රථය සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී මෙය මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව 2026.10.23 දින සිට දින 14 ක කාලයක් සඳහා එම දේපොළ ක්රියා විරහිත කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

