හවසට වැස්ස තදවෙයි
23 November 2026 | සාලිය කුමාර ගුණසේකර
හවසට වැස්ස තදවෙයි
23 November 2026 | සාලිය කුමාර ගුණසේකර
එල්නිනෝ තත්ත්වයේ බලපෑම මත බෙංගාල බොක්ක ආශ්‍රිතව කැළඹිලි ස්වභාව තත්ත්වයන් නැවත වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවැසීය.
මේ වනවිට එල්නිනෝ තත්ත්වය සියයට 100ක ප්‍රබල එල්නිනෝවක් බවට පුරෝකථනය කර තිබෙන බවද ඔහු කීවේය.
මේ සතියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ලබන දෙසැම්බර් මාසයේදී ද සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතන තත්ත්වයක් අපේක්ෂා කරන බවත් ඔහු කීවේය. දෙවන අන්තර් මෝසමේ බලපෑම මත මේ දිනවල වැසි ඇතිවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


