පයාගලදී මුහුදේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්
19 September 2026
පයාගලදී මුහුදේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්
19 September 2026
පයාගල ප්‍රදේශයේ කුඩා පයාගල දේවස්ථානය පිටුපස මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුඩා පයාගල ප්‍රදේශයේම පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
අදාළ සිසුවා තවත් තිදෙනෙකු සමඟ වෙරළාශ්‍රිතව පිහිටි ගල් වැටිය ආසන්නයේ දිය නාමින් සිට ඇති අතර එහිදී ඔහු දියවැලකට හසුව මෙලෙස ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

