කෝට්ටේ ගිනි නිවන ඒකකයට පාරේ වාහන තදබදය බාධාවක්
24 July 2026 | ෂර්මි මෙන්ඩිස්
කෝට්ටේ ගිනි නිවන ඒකකයට පාරේ වාහන තදබදය බාධාවක්
24 July 2026 | ෂර්මි මෙන්ඩිස්
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකයට කිලෝමීටර් 40කට වඩා වැඩි ප්‍රදේශවල සිදුවන හදිසි ආපදාවකදී ඉක්මනින් ළඟාවීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව එම ඒකකය පවසයි.
මෙම තත්ත්වය හමුවේ හෝමාගම, කඩුවෙල, මහරගම සහ සීතාවක යන ප්‍රදේශ තුළ හදිසි ආපදා තත්ත්වයකදී මාර්ගයේ පවතින අධික වාහන තදබදය හමුවේ ආපදාව සහිත ස්ථානයට ළඟා වීම සඳහා වැඩි කාලයක් ගතවන බව එම ඒකකය පෙන්වා දෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකයේ ප්‍රධාන නිලධාරී එන්. ඩී. ලියනගේ සඳහන් කර සිටියේ මාර්ගයේ පවතින අධික වාහන තදබදයත් සමග කිලෝමීටර් 10ක වපසරිය තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ඉක්මනින් ක්‍රියාත්මක වීමට හැකි බවයි.
එහෙත් එසේ ක්‍රියාත්මක වීමට ද හැකියාව ඇත්තේ මාර්ග තදබදය අවම අවස්ථාවකදී බවත් මාර්ග තදබදයට හේතුවන ඇතැම් අවස්ථාවන් තුළ එසේ ඉක්මනින් ක්‍රියාත්මක වීමට යම් අපහසුතාවක් පවතින බවත් ඔහු සඳහන් කර සිටියි.

