brand logo
logo
කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

26 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


බලපත්‍රයක් නොමැතිව බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7 දෙනෙකු මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (25) දින පස්වරුවේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අතරින් කිහිප දෙනෙකු මීට ප්‍රථම අනවසර මැණික් ගැරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන් වූ බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් බගවන්තලාව පොලිසියේ නිළධාරින් කියා සිටියේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර එම සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසියේ නිළධාරින් වැඩිදුරටත් පැවසීය.

 

More News..