brand logo
logo
 අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයදුමක්

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයදුමක්

05 October 2026


"සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.


සිය නීතිඥවරු මාර්ගයෙන් ඇය මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.


මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ සති දෙකක් තුළ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවට හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා දැනුම්දීමක් සිදුකර තිබුණි.

 

More News..