විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
ශ්‍රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්‍රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් වෙනුවෙන් “ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි” වැඩසටහනක් හඳුන්වා දීම.
ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කරන අයදුම්කරුගේ කලත්‍රයාට, දූදරුවන්ට මෙන්ම තුන්වන පරම්පරාවේ දරුවන්ට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අප යෝජනා කරනවා.
විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක්
මෙම යෝජනා ක්‍රමය යටතේ, රු. ලක්ෂ 30ක් දක්වා 10%ක පොළී සහනාධාරයක් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5%ක පොළී සහනාධාරයක්.
පළමු රු. ලක්ෂ 30 සඳහා 6% ක දායකත්වයක් රජය විසින් ද, 4% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3% ක දායකත්වයක් රජය විසින් ද, 2% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට යෝජනා කෙරේ.


