දිස්ත්‍රික්ක 13ක ඩෙංගු තවාන් 42,903ක්
16 November 2026 | ශිරාන් රණසිංහ
දිස්ත්‍රික්ක 13ක ඩෙංගු තවාන් 42,903ක්
16 November 2026 | ශිරාන් රණසිංහ
ජාතික ඩෙංගු මර්දන සතියේ සිදු කළ සොයා බැලීම්වලදී දිස්ත්‍රික්ක 13 ක මදුරුවන් බෝවන ස්ථාන 42,903 ක් හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මෙම ඩෙංගු මර්දන සතිය ඉකුත් 9 වැනිදා සිට 14 දක්වා ක්‍රියාත්මක කෙරිණ.
පවතින වැසිත් සමග යළි ඩෙංගු වැඩිවීමේ අනතුරක් ඇති බැවින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පළාත්පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාවට නංවනු ලැබීය.
ඒ අනුව දිස්ත්‍රික් 13 ක මදුරුවන් බෝවන ස්ථාන විශාල ප්‍රමාණයක් හමුවීම හේතුවෙන් යළිත් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවන බව එම ඒකකයේ වෛද්‍යවරු පවසති.


