brand logo
logo
2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු ගෙවීමේ අවසන් දිනය අද

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු ගෙවීමේ අවසන් දිනය අද

30 September 2026


2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් ආදායම් බදු ගෙවීම අද (30) අවසන් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.


සමාගම්, පුද්ගලික සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවන සියලු බදු ගෙවන්නන් සඳහා ගෙවීම් කාල සීමා සංකේතය ලෙස 25260 භාවිත කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ඒ අනුව,


සමාගම් ආදායම් බදු – Tax Type Code 02

පුද්ගලික ආදායම් බදු – Tax Type Code 05

හවුල් ව්‍යාපාර ආදායම් බදු – Tax Type Code 09


ලෙස අදාළ බදු වර්ගයේ සංකේතය යොදාගත යුතුය.


අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම් සිදුකිරීමේ පහසුකම් පවතින අතර, බදු ගෙවන්නන්ට ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත ගොස් ද ගෙවීම් සිදුකළ හැකිය.


අදාළ අවසන් දිනයෙන් පසු ගෙවීම් සිදුකිරීමේදී පොලී සහ දඩ මුදල් අය කෙරෙන බැවින් නියමිත දිනට පෙර බදු ගෙවීම් සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


වැඩිදුර තොරතුරු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 1944 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විමසිය හැකිය.

 

More News..