brand logo
logo
ATM දෙකක් කඩන්න හැදූ අයෙක් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

ATM දෙකක් කඩන්න හැදූ අයෙක් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

05 May 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රිය මුදල් යන්ත්‍ර දෙක කඩා මුදල් සොරා ගැනිමට උත්සහ කල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් මහජන සහය ඉල්ලා සිටියි.


(04) දින අලුයම එම බංකු ශාඛාව වෙත පැමිණි සැකකරු ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර දෙක ගලවා මුදල් සොරා ගැනීමට උත්සහ කර ඇති අතර, එම උත්සහය ව්‍යාර්ථ වූ නිසා සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් බැංකු පාලන අධිකාරිය විසින් සැකකරු ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර දෙක ගැලවීමට උත්සහ කරන අයුරු සම්බන්ධයෙන් වූ අදාල ආරක්ෂිත කැමරා දර්ශණ සහ ඡායාරූප හැටන් පොලිසිය වෙත ඉදිරිපත් කරමින් පැමිණිල්ලක්ද කරඇත.


සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය වෙත දැනුම් දෙන ලෙස හැටන් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා ඉල්ලා සිටියි.


දුරකථන අංකය (සොයා ගැනීමට සහාය වන්න) +94 76 167 0258



 

More News..