brand logo
logo
ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට මෝදි   සූදානමින්

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට මෝදි සූදානමින්

30 October 2026


ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුම සඳහා නිල වශයෙන් අත්සන් තැබීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන්ය.


යුරෝපා කවුන්සිලයේ සභාපති António Costa පෙන්වාදී ඇත්තේ, දෙපාර්ශ්වය අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේදී මෙය සුවිශේෂී පියවරක් වනු ඇති බවය. කැනඩාවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කර ඇත.


දෙසැම්බර් 17 වැනිදා බ්‍රසල්ස් හිදී ආරම්භ වීමට නියමිත යුරෝපීය නායකයින්ගේ සමුළුවට ආසන්නව අගමැති මෝදිගේ මෙම සංචාරය සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර පැවැති වෙළඳ ගිවිසුම් සාකච්ඡා මේ වසර මුලදී සාර්ථකව අවසන් කෙරුණි.

 

More News..