brand logo
logo
ශ්‍රී ලංකාවේ රග්බි ඉදිරිගමන අහවරයි

ශ්‍රී ලංකාවේ රග්බි ඉදිරිගමන අහවරයි

02 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ-ජපානයේ නගෝයා


ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග අංශයේ කාණ්ඩ ශූරයන් බවට පත්වෙමින්, අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන චීනය හමුවේ වැලකී ගියේය.


අදාළ තීරණාත්මක තරගයේදී චීනයේ හමුවේ ලකුණු 19-17 ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකාවට සිදුවිය.


මෙම තරගයේ පළමු අර්ධය ඇරැඹුමේදී චීනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හිදැස් අතරින් රිංගා යමින් උත්සාහක දිනුම් දෙකක් සහ ඒවායේ ප්‍රවර්ථන සාර්ථක කරගැනීම මත ලකුණු 14-0ක් ලෙසින් පෙරමුණ ගත් අතර එම අර්ධය අවසන් මොහොතේ ශ්‍රී ලංකාව උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් එහි පහසු ප්‍රවර්ථනය මගහැරුණි.


ඒ අනුව පළමු අර්ධය අවසන්වන විට චීනය ලකුණු 14-5ක් ලෙස ඉදිරියෙන් සිටියේය.


දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව ඉතා හොදින් තරගයට අවතීර්ණ වූ නමුත් පළමු වටයේ ප්‍රතිවාදීන් ලබාගත් පරතරය ඔවුනට දැවැන්ත බලපෑමක් විය.


මෙහිදී ශ්‍රී ලංකාව එක් උත්සාහක දිනුමක් සහ එහි තරමක් අපහසු ප්‍රවර්ථනයද සාර්ථක කරගනිද්දී, චීනය තවත් උත්සාහක දිනුමක් සහිතව ලකුණු 19-12ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් අවසන් පූර්ව වටයට වරම් තහවුරු කරගත්තේය.


ආසියාවේ සත්සාමාජික රග්බි 5 වැනි තැන තීරණය කරනුලබන තරගයට හෙට (03වැනිදා) ශ්‍රී ලංකාව හෙට පිලිපීනය සමගින් තරග වැදීමට නියමිතය.

 

More News..