brand logo
logo
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් - පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් - පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

21 August 2026

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (20) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර තිබේ.


ඒ අනුව පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීම සඳහා වන විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වීමට නියමිතය.


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට 2026 වසර සඳහා වෙන්කර ඇති, මෙම වසර තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන වී මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.


මේ අතර, රජය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව ඇත.

 

More News..