සියලුම පාසල්වල තෙවන වාරය දෙසැම්බර් 04 සිකුරාදා අවසන් කෙරේ
27 November 2026
සියලුම පාසල්වල තෙවන වාරය දෙසැම්බර් 04 සිකුරාදා අවසන් කෙරේ
27 November 2026
2026 වර්ෂයට අදාළව දිවයිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය එළඹෙන දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
2027 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 04 වැනිදා ආරම්භ කළ යුතු බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම පාසල් අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.


