පොලිස් සැරයන්වරියකගේ ගෙලට කඩුවක් තබා රන්මාලය කොල්ලකයි
15 May 2026
පොලිස් සැරයන්වරියකගේ ගෙලට කඩුවක් තබා රන්මාලය කොල්ලකයි
15 May 2026
රාජකාරිය සඳහා වාර්තා කිරීමට බස් නැවතුම්පොළේ රැඳී සිටි විනය හා කල් ක්‍රියා කොට්ඨාශයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන්වරියකගේ රන්මාලයක්, කඩුවක් පෙන්වා මරණ තර්ජනය කර කොල්ලකා ඇති බව කොස්ගම පොලිසිය පවසයි.
ඊයේ (14) දින ඇය සිය සැමියා සමඟ කොස්ගම, බොල්ලතාව බස් නැවතුම්පොළේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇත.
ඉන් එක් අයෙකු සැරයන්වරියගේ ගෙලට කඩුවක් තබා මරණ තර්ජනය කර ගෙල බැඳි පවුම් භාගයක රන්මාලය පැහැරගෙන පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට පියවර ගනිමින් සිටී.

